What is Trading? A Beginner’s Guide | Trading කියන්නේ මොකක්ද? නවකයෙකු සඳහා මාර්-ගෝපදේශයක්

 

Earn with Phantomfreak වෙත සාදරයෙන් පිළිගන්නවා! 

අද අපි Trading ගැන මුලික කරුණු ඉතාම කෙටියෙන් හා සරලව අනාවරණය කරගමු. ඔයාට Trading ගැන මුල ඉදලා ඉගෙනගන්න මේ මාර්ගෝපදේශය ලොකු උදව්වක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.


Trading කියන්නේ කුමක්ද?

Trading කියන්නේ ලාභයක් උපයන අරමුණින් වත්කම් (assets) මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලියක්. මේ වත්කම් (assets) අතර currencies, cryptocurrencies, stocks, commodities සහ තවත් බොහෝ දේ අන්තර්ගත වෙනවා. මූලිකවම trading වලදි වෙන්නේ, Traders ලා (ඒ කියන්නෙ අපි 😉)  අඩු මිලකට මිලදී ගෙන ඉහළ මිලකට විකුණා ලාභයක් ලබා ගන්න එකයි. සමහර අවස්ථාවල ඉහළ මිලකට විකුණා අඩු මිලකට නැවත මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මිලදී ගැනීම් සහ විකුණුම් ක්‍රියාවලියෙන් තමයි ලොව පුරා මූල්‍ය වෙළඳපොළවල් (financial markets) පවත්වාගෙන යන්නේ.

Trading සිදුවන විවිධ වෙළඳපොළවල් :

අපි ඉස්සරහට කතා කරන්න ඉන්න markets විතරක් දැනට බලමු.
  • Forex market: Foreign exchange market (විදේශ විනිමය වෙළෙඳපොළ) තමයි අපි කෙටි කරලා Forex කියලා කියන්නේ. ෆොරෙක්ස් වෙළඳපොළ තමයි වර්තමාන ලෝකයේ තියෙන විශාලම වෙළදපොළ වෙන්නේ. මේ market එකේදි අපිට trade කරන්න තියෙන්නේ මුදල් යුගලයි (currency pairs). උදාහරණ විදිහට USD/EUR, GBP/JPY වැනි මුදල් යුගල ගන්න පුළුවන්.
  • Crypto Market: මේ market එකේදී අපිට පුළුවන් ක්‍රිප්ටෝකරන්සි (cryptocurrencies) trade කරන්න. උදාහරණ විදිහට Bitcoin, Ethereum වගේ දේවල් ගන්න පුළුවන්. ඒවගේම මේ market එක තමයි ලංකාවේ ගොඩක් traders ලා අතර ප්‍රසිද්ද. හේතුව පස්සෙ කියන්නම්.
  • Stock Market: මේ තමයි අපි කවුරුත් දන්න කොටස් වෙළඳපොල, කොටස් වෙළඳපොලේදී සමාගම් වල කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුවෙනවා. 
මේ markets විවිධ ආකාරයෙන් විවිධ විදිහට තිබුනත් මේ හැම එකකම ප්‍රධාන අරමුණ වෙන්නේ එකමයි. අඩු මිලකට මිලදී ගෙන ඉහළ මිලකට විකුණා ලාභයක් ලබා ගන්න එකයි. 

Trading වල ප්‍රධාන අංගයන් : 

ගුණාත්මකව හා විශ්වවාසවන්ත ලෙස trading කරන්න අවශ්‍යවන සමහරක් වැදගත් කරුණු.
  • Price Movements: මිලෙහි සිදුවන වෙනස් වීම්. සෑම market එකකම මෙම මිලෙහි වෙනස් වීමට මූලික වෙන්නේ අපි trade කරන්න යන asset එකට පවතින ඉල්ලුම, සැපයුම සහ වෙනත් economic factors වේ. Traders ලා මෙවැනි දේ විශ්ලේෂණය (analyze) කර නිගමනය කරනවා මිල ඉහළ හෝ පහළ යයිද කියලා.
  • Buy and Sell Orders: කලින් කිව්ව විදිහට Traders ලා analyze කිරීමෙන් පසුව මිල ඉහළ යාවි කියන බලාපොරොත්තුවෙන් එයාලා මිලදී ගන්නවා (going long) සහ මිල පහළ යාවි කියන බලාපොරොත්තුවෙන් එයාලා විකිණීම සිදු කරනවා (going short). 
  • Profit and Loss: ඉහත ක්‍රියාවලියේ විදිහට මිලදී ගැනීම හා විකිණිමෙන් පසුව තමන් ළග තිබුනු මුදල් ප්‍රමාණය හා ක්‍රියාවලියෙන් පසුව පවතින මුදල් ප්‍රමාණයේ වෙනස ලාභය හෝ අලාභය විදිහට සලකනවා. සාර්-ථක Traders ලා ගේ ඉලක්කය වෙන්නේ කාලයත් සමග loss වෙනවට වඩා profit කිරීමයි.  

‌ඇයි ගොඩක් අය Trading තෝරගන්නේ?

Trading කියන්නේ ඉතාමත් ප්‍රතිලාභදායක ක්‍රියාවලියක් වන අතර, විවිධ හේතුන් මත මිනිසුන් trade කිරීම තෝරාගන්නවා.
  • ඉපයීමේ මාර්ගයක් ලෙස: සමහරක් Traders ලා අමතර ආදායමක් උපයන අරමුණින් අර්ධකාලීන ලෙස trade කරන අතර, තවත් අය පූර්ණකාලීන රැකියාවක් ලෙස trade කරයි.
  • ධන සංවර්ධනය: කාලයත් සමග පළපුරුදු Traders ලා තම ආයෝජනයන් ලාභදායි ලෙස පවත්වාගෙන යන අතර වාණිජ අවස්ථා හරහා මුදල් විශාල වශයෙන් උපයාගනියි.
  • සක්‍රීය වෙළඳපොළ: බොහෝ අය trading වල තියෙන වේගවත් ස්වභාවය සහ මූල්‍ය වෙළඳපොළ සමග සෘජුවම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට හැකිවන නිසා trade කරයි.

Trading අවධානම්ද?

ඔව්! 😕


Trading කියන්නේ ඉතාමත් ලාභදායි ව්‍යාපාරයක්. හැබැයි ඉතින් trading ලාභදායි වගේම අලාභදායි වෙන්නත් පුළුවන්. අම්......... වැරදුනා. Trading කියන්නේ ඉතාමත් අලාභදායි ව්‍යාපාරයක් වන අතර සමහරක්විට ලාභදායි වෙන්නත් පුළුවන්. කාටද? trading ගැන කිසිම දැනුමක් නැතුව සල්ලි හොයන්න බලාගෙන trading කරන්න එන අයට. ඒ කියන්නේ tradintg වලින් සල්ලි හොයන්න බැරිද? නෑ පුළුවන්. අපිට පුළුවන්නම් හරියට trading ඉගෙනගෙන, ඉවසීමේ ගුණය ප්‍රගුණ කරලා, හොද මානසිකත්වයකින්, අවධානම් අඩුකරගෙන trade කරන්න..... සතුටු වෙන්න ඔයා ගොඩ. "ඉතින් කොහොමද මම ඒවා ඉගෙනගෙන හරිිියට trade කරන්නේ ?" 😼 අමතක උනාද ඔයා මේ ඉන්නේ Earn With Phantomfreak එක්ක කියලා. 



ඉතින් මගේ අරමුණ තමයි trading ගැන මන් දන්න දේවල් ඔයාලා එක්ක බෙදාගෙන, අලුත් දේවල් ගැන ඔයාලව දැනුවත් කරගෙන අනාගතේ හැමදෙනා එක්කම ගොඩයන එක. අ.. පොඩ්ඩක් ඉන්න වැදගත්ම දේ කියන්න බැරි උනානෙ. 😐 ඒ තමයි මේ හැමදෙයක්ම මම ඔයාලට දෙන්නේ නොමිලේ කියන එක. ඉතින් ඔයාලගෙන් සතයක්වත් ගන්නෙ නැතුව මගේ මහන්සිය හා වෙලාව කැපකරලා ඔයාලට මන් දෙන දේවල් වලින් ඔයාලා ගොඩක් ප්‍රයෝජන ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මම හිතනවා මේක කියවලා ඔයාලට trading ගැන පොඩි හරි දෙයක් අවබෝධ වෙන්න ඇති කියලා වගේම trading කියන්නේ මොක්කද කියලා තිබ්බ ප්‍රශ්න වලටත් උත්තර හම්බවෙන්න ඇති කියලා. ඒවගේම පහලින් තියෙන links වලින් ගිහින් ඔයාලට ප්‍රළුවන් මගේ අනෙකුත් මාධ්‍යජාලා එක්ක එකතු වෙලා වැඩිදුර දේවල් ඉගෙන ගන්න වගේම ඔයාලට trading ගැන තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා කරන්න. ඉතින් ඔයාලගෙ යාළුවොන්ටත් මේ links share කරන්න අමතක කරන්න එපා. 

                                     

Phantomfreak