How to Read Trading Charts: A Beginner’s Guide | හරියට Trading වගු කියවන්න ඉගෙනගමු. නවකයෙකු සඳහා මාර්-ගෝපදේශයක්.
හරියට Trading වගු කියවන්න ඉගෙනගමු
මේ තමයි ප්‍රධාන market analysis ක්‍රම තුනෙන් පළවෙනි ක්‍රමය වෙන technical analysis යටතේ අපි කතාකරන්න සූදානම් වෙන පළවෙනි පාඩම. ඔයාට මේ market analysis ක්‍රම ගැන අවෙබෝධයක් නැතිනම් මේ ලිපියෙන් ප්‍රධාන market analysis ක්‍රම ඒගැන අවබෝධයක් ගන්න පුළුවන්.
මොනාද මේ Trading charts කියන්නේ?
Trading කිරීමේදී මේ charts අධ්‍යනය කිරීම ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. මේ charts වලින් එක් එක් කාලසීමා වලදී assets වල මිල ඉහල යෑම සහ පහල යෑම රූපමය අකාරයෙන් වගු විදහට අපිට බලාගන්න පුළුවන් වන අතර එමගින් market එක පිළිබද නිවැරදි තීරණ ගන්නට හැකියාව ලැබෙනවා.
Charts වර්ග
මෙහිදී අපිට charts වර්ග රැසක් දකින්නට ලැබෙන අතර එම එක් එක් වගුවලින් විවිධ ආකාරයට markets පිළිබද අධයනය කිරීමට හැකියි. විවිධ charts වර්ග අතරින් ප්‍රසිද්ධ charts වර්ග කීපයක්-
1. Line Chart:
- කියවීමට ඉතා පහසුම chart වර්ග යයි. මෙහිදී යම් කිසි කාල පරාසයක් තුළ asset වල මිලෙහි අවසාන අගය පෙන්නුම් කරයි.
- නවකයන් සදහා සුදුසු වන අතර ඉක්මනින් market හි ඇති trends පහසුවෙන් හදුනාගැනීමට හැකියි.
| Line chart |
2. Bar Chart:
- Line charts වලට වඩා වැඩිපුර විස්තර දැකගත හැකි අතර යම් කිසි කාලසීමාවක් තුළ assets වල ආරම්භක මිල, උපරිම මිල, අවම මිල සහ අවසාන මිල යන අගයන් (OHLC) පෙන්වයි.
- මිල අගයන් වල වෙනස් වීම වඩාත් විස්තරාත්මකව අවශ්‍ය traders ලා සදහා වඩාත් සුදුසුයි.
| Bar chart |
3. Candlestick Chart:
- Bar chart වලට සමාන වන වන නමුත් ඉටිපන්දම් (candle) හැඩවලින් අගයන් පෙන්වීම මගින් market පිළිබද පැහැදිලි ලෙස විස්තර ලබා ගත හැකිය.
- මෙහි ඇති පැහැදිලි විස්තරාත්මක බව නිසා ජනප්‍රියතම chart වර්ගය මෙය වන technical analysis සදහා වඩාත් සුදුසු වේ.
| Candlestick Chart |
මෙතනින් ඉස්සරහට අපි කතා කරන්න සූදානම් වෙන technical analysis සදහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ මේ candlestick charts නිසාවෙන් ඒ ගැන දැඩි අවධානයක් ලබා දෙන්න.
Candlestick Patterns තේරුම් ගමු
1. Bullish Candlestick:
- කොල හෝ සුදු පැහැයෙන් පෙන්වන අතර අවසාන අගය (closing price) ආරම්භක අගයට (opening price) ඉහලින් පිහිටයි.
- මිල ඉහළයාමක් හෝ market එක තුළ ඇති buyers ලාගේ පීඩනය පෙන්වයි.
2. Bearish Candlestick:
- රතු හෝ කළු පැහැයෙන් පෙන්වන අතර අවසාන අගය (closing price) ආරම්භක අගයට (opening price) පහළින් පිහිටයි.
- මිල පහලයාමක් හෝ market එක තුළ ඇති sellers ලාගේ පීඩනය පෙන්වයි.
3. Doji Candlestick:
- ඉතාමත් කුඩා ශරීරයක් (small body) හා වඩාත් දිග සෙවනැල්ලක් (long shadow) ඇත. ආරම්භක අගය හා අවසන් අගය සමාන අගයන් හෝ ඉතාමත් ළගින් පිහිටයි.
- Market එක තුළ අස්ථීර බවක් හෝ ආපසු හැරවුමක් දැකගත හැකිය.
Trading charts වල ප්‍රධාන සාධක
1. Timeframe (කාල සීමා):
- Trading charts විවිධ ආකාරයේ කාලසීමා වලින් කියවිය හැක. උදාහරණ ලෙස, 1-Minute, 5-Minutes, 1-Hour, Daily or Weekly.
- පැහැදිලි හා විස්තරාත්මකතාවය සදහා timeframes ප්‍රධාන වශයෙන් බලපායි. කුඩා timeframes මගින් මිලෙහි වෙනස් වීම් ද, විශාල timeframes මගින් market එකෙහි මිලෙහි දිශාව අධ්‍යනය කල හැකිය.
2. Trendlines:
- මේ trendlines ඇදීමෙන් අපිට පුළුවන් ඉතාමත් ඉක්මනින් හා සරලව market එකෙහි trend එක, ඒ කියන්නේ market එකේ පවතින්නේ මිලහෙි ඉහලයාමක් (Uptrend), පහලයාමක් (Downtrend) හෝ අස්ථාවරබවක්ද (Sideways) යන්න හදුනාගන්න.
- Market එකෙහි පවතින trends පහසුවෙන් හදුනාගන්න හැකි වෙන නිසා නිවැරදි තීරණ ගැනීමට මේ trendlines උදව් වේ.
| Downtrend |
3. Support and Resistance Levels:
- Support level (සහය මට්ටම) හා Resistance level (ප්‍රථිරෝධ මට්ටම) කියන්නේ, මිලෙහි downtrend (පහලයාම) කදී යම් කිසි මට්ටමකට මිල ඇවිත් නැවතත් ඉහලයාමක් සිදුවුනොත් එම මට්ටම support level එකක් විදිහටද, මිල uptrend (ඉහලයාම) කදී යම් කිසි මට්ටමකට ඇවිත් නැවතත් පහලයාමක් සිදුවුනොත් එම මට්ටම resistance level එකක් විදිහට සළකන එකයි.
- මේ support and resistance levels අපිට වැදගත් වෙන්නේ මේවා මගින් නිවැරදි entry and exit points හදුනාගැනීමටත්, මිලෙහි සැලකිය යුතු වෙනස් වීම් හදුනාගැනීමටත් ය.
| Support level |
| Resistance level |
කොහොමද Charts Analyze කරන්නේ?
1. Identify Trends:
Uptrend, Downtrend සහ Sideways වැනි trends හදුනාගැනීම. Trading වලදී යොදාගන්නා ක්‍රම රැසක මූලික පියවර මෙයයි.
2. Use Indicators:
- Moving Averages, RSI (Relative Strength Index), සහ MACD වැනි indicators මගින් මුලින් හදුනාගත් trends තහවුරු කරගැනීමටත් ඉදිරියේදී වෙනස් වීමට ඇති මිලෙහි වෙනස්කම්ද හදුනාගැනීමට මේවා භාවිතා කරයි.
3. Recognize Chart Patterns:
- Head and shoulders, triangles, සහ flags වැනි charts patterns හදුනාගැනීම මගින් breakouts හෝ reversals ගැන දැනගැනීමට හැකියි.
*Some images from babypips.com
.png)

