The Main Types of Market Analysis | ප්‍රධාන Market විශ්ලේෂණ ක්‍රම

 


Market විශ්ලේෂණය කිරීමේ ප්‍රධාන ක්‍රම

අපිට trading කරලා ලාභ ලබන්නනම්, නිවැරදිව markets පිළිබදව තේරුම් ගතයූතුයි. ඉතින් market එක ගැන හොදින් තේරුම් ගන්නනම් අපි මුලින් market එක analyze (විශ්ලේෂණය) කරන්න අවශ්‍යයි. මේ market analyze කිරීම ප්‍රධාන කෙටස් තුනකට ‌බෙදන්න පුළුවන්. ඒවා තමයි,

  • Technical analysis 
  • Fundamental analysis 
  • Sentimental analysis

අපි මේවා හරියට ඉගෙනගත්තම අපිට පුළුවන් වෙනවා markets ගැන නිවැරදිව තේරුම් ගන්න වගේම අපේ trading කුසලතාවයනුත් වැඩිදියුණු කරගන්න.

ඔයාලා දැකලා ඇති සමහරක් traders ලා එයාලව හදුන්වා දෙනවා "මම technical analyzing trader කෙනෙක්, මම fundamental analyzing trader කෙනෙක්" කියලා. ඒත් මම ඔයාලට කියන්නේ ඒ අය ගොඩට වැටෙන්න එපා කියලා. ඒකට හේතුව මේක කියවලා ඉවර වෙද්දි ඔයාලට තේරෙයි. 

  

1. Technical Analysis:

Technical analysis වලදි අපි කරන්නේ market එකේ අතීත මුදල් පිළිබද දත්ත වාර්තා, රටා (patterns) සහ indicators භාවිතා කරලා අනාගතයේදී මුදල් වල අගයන් කෙසේ වෙනස් වෙයිද කියලා නිගමනය කරන එකයි.

Technical analysis සදහා අවශ්‍ය දේවල්-

  • Charts: Line, bar, and candlestick charts වැඩිපුරම භාවිතා වෙන ක්‍රම වේ. මේවා මගින් අපිට පුළුවන් මුදල් වල වෙනස් වීම් වගු ආකාරයෙන් බලාගන්න.
  • Indicators: Moving Averages, Relative Strength Index (RSI) සහ MACD වැනි දේවල් අපිට ගොඩක් උදව් වෙන්නේ trends අදුරගන්න, entry සහ exit points තීරණය කරගන්න.
  • Patterns: Head and shoulders, triangles, and double tops/bottoms වැනි මේ රටා වලින් අපිට පුළුවන් වෙනවා ඉදිරියේදී market එක තුළ සිදු වීමට හැකි වෙනස්කම් potential breakouts සහ reversals වගේ දේවල් හදුනාගන්න.

Short-term සහ day traders ලාට වගු විශ්ලේෂණය හා රටා හදුනාගෙන ඉක්මනින් තීරණ ගැනීම සදහා  මේ technical analysis උදව් වෙනවා.

2. Fundamental Analysis:

Fundamental analysis වලදි අපි කරන්නේ විවිධ ලේඛන, ප්‍රවෘත්ති, ආර්ථික වෙනස් වීම් වලට අදාල සිද්ධීන් නිරීක්ෂණය කරන එක. මේකෙදි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපි trade කරන්න සූදානම් වෙන asset එක market එකේ කුමන ආකාරයෙන් පවතීද යන්න තේරුම් ගැනීමයි.

Fundamental analysis සදහා අවශ්‍ය දේවල්-

  • Economic Indicators: ආර්ථික දත්ත වන දළ දේශීය නිෂ්පාදන අගයන්, ණය පොළී අනුපාත, උද්දමන අගයන්, රැකියා දත්ත වැනි දේවල් මගින් market එක තුළ සිදුවන වෙනස්කකම් හදුනාගත හැකිය.
  • Global Events: ගොලීය අවස්ථා විදිහට ස්වාභාවික ව්‍යසන, යුධමය තත්ව, ජනාධිපතිවරණ, මහ බැංකු මගින් ගනු ලබන තීරණ ගත හැකි අතර මේවාද markets වලට විශාල බලපෑම් එල්ල කරයි.

Long-term traders ලාට දීර්ඝ කාලීනව පවතින සහ ප්‍රධාන ආර්ථික අවස්ථා භාවිතයෙන් trade කිරීමට උදව් වේ.

3. Sentimental Analysis:

Sentimental analysis වලදී අපි කරන්නේ අපි වගේම අපිත් සමග trade කරන අනෙකුත් traders ලාගේ මානසික තත්වයන් තේරුම් ගෙන ඔවුන් ඉදිරියේදී සිදු කිරීමට හැකි දේවල් ගැන මනා අවබෝධයක් අරගෙන අපේ trades විශ්ලේෂණය කිරීමට උදව් ගැනීමයි. 

Sentimental analysis සදහා අවශ්‍ය දේවල්-

  • Sentiment Indicators: The Fear & Greed Index or the Commitment of Traders (COT) වැනි වාර්තා භාවිතයෙන් සම්පූර්ණ market එක පිළිබද traders ලාගේ තියෙන අදහස් හදුානාගැනීමට හැකියි.
  • News and Social Media: සමාජ ජාලා හා ප්‍රවෘත්ති මගින් සමාජය තුළ තියෙන අදහස් හා මතයන් හදුනාගැනීමට හැකියි.
  • Volume Analysis: අධික trading volume මගින් market තුළ වැඩි බලයක් ඇත්තේ Buyers/ Sellers ලාටද කියලා හදුනාගත හැකියි.

Short-term traders ලාට market එක තුළ අනෙකුත් trades ලාගේ මනෝවිද්‍යාත්මක වෙනස්කකම් හදුනාගැනීමට හා ඔවුන් ගේ හැගීම් තේරුම් ගෙන market analyze කිරීමට උපකාරී වෙනවා.

ඉතින් මේ රූපයේ විදිහටත් අපිට හරියට trading කරන්න මේ ක්‍රම තුනම එක සමානව අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන්,
  • Fundamental analysis භාවිතයෙන් trade කරන්න සුදුසු asset එකක් තෝරාගැනීමට,
  • Technical analysis භාවිතයෙන් entry සහ exit points තීරණය කිරීමට,
  • Sentimental analysis භාවිතයෙන් මිලෙහි trend හෝ නැවත හැරවුම් අවස්ථා තහවුරු කරගැනීමට.

ඉතින් මේ තමයි trading වලදී market analyze කිරීමට අවශ්‍ය වන ප්‍රධාන ක්‍රම තුන සහ ඒවාට උදාහරණ.

මීලග පාඩමෙන් මම ඔයාලට අරටගන එන්න බලාපොරොත්තු වෙන්නේ Technical analyzing ගැනයි.මාත් එක්ක රැදිලා ඉන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා වගේම ඔයාලට මේ පාඩම් ගැන නොතේරුන තැනක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවනම් අනිවාරෙන්ම මාත් එක්ක කතා කරලා ඔයාලට පුළුවන් ඒවාට උත්තර හොයාගන්න. මේ links වලින් ඔයාලට පුළුවන් මාත් එක්ක WhatsApp හා  Telegram මගින් එකතු වෙන්න. මේ පාඩම ඔයාට වැදගත් උනානම්, තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවනම් ඔයාගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. ඒවගේම මේ පහලින් තියෙන links වලින් ඔයාලට පුළුවන් මාත් එක්ක අනිත් මාධ්‍යජාලා මගිනුත් එකතු වෙන්න.

YouTube




Facebook

     Phantomfreak




Instagram