Understanding Trendlines and Support & Resistance Levels | මොනවද මේ Trendlines, Support සහ Resistance Levels කියන්නේ?
Technical analysis වලදී භාවිතා කරන මූලික දේවල් අතර මේ Trendlines, Support සහ Resistance Levels ප්‍රධාන තැනක් ගන්නවා. මේවා මගින් අපිට පුළුවන් වෙනවා market trends හදුනාගන්න, නිවැරදිව entry සහ exit points තීරණය කරගන්න වගේම ගොඩක් වැදගත් වෙන price movement patterns හදුනාගන්න. මේ පාඩමෙන් අපි කතාකරමු මොනවද මේ Trendlines, Support සහ Resistance Levels, කොහොමද අපි මේවා භාවිතා කරන්නේ සහ මේවාගේ තියෙන විශේෂතා පිළිබදව.
මේවා trading වලදී ඉතාමත් වටිනා analysis ආකාරයක් වුවත්, අවාසනාවකට වගේ ගොඩක් traders ලා මේවා නිවැරදිව අදින්න දන්නේ නෑ වගේම තමන්ට කැමති විදිහට මේ lines වැරදි ආකාරවලින් market වලට fit කරන්න උත්සහ කරනවා. 😕
Trendlines යනු:
Trend lines කියන්නේ, market එකක මිලෙහි ගමන් මග පැහැදිලිව හදුනාගැනීමට price points දෙකක් යාකරමින් trading charts වල අදිනු ලබන රේඛා වලටයි.
Trendlines ආකාර:
1. Uptrend Line (higher lows)
- Market හි මිලෙහි අගය ඉහල යන අවස්ථාවක මිලෙහි අවම (lows) අගයන් යා කර අදිනු ලබන රේඛාවකි.
- මිල ඉහළට ගමන් කරන (A bullish market) එකක් පිළිබදව මෙයින් පෙන්වයි.
2. Downtrend Line (lower highs)
- Market හි මිල පහළ යන අවස්ථාවක මිලෙහි උපරිම (highs) අගයන් යා කර අදිනු ලබන රේඛාවකි.
- මිල පහළට ගමන් කරන (A bearish market) එකක් පිළිබදව පෙන්වයි.
3. Sideways Trend (ranging)
- Trend එකක් දැකගත නොහැකි මිල කුඩා පරාසයක් තුළ ගමන් කරන අවස්ථාවකි.
- මිලෙහි ස්ථාවර බවක් හා පැහැදිලි uptrend එකක් හෝ downtrend එකක් දැකගත නොහැකිය.
Trendlines අදින්නේ කොහොමද?
- Chart එකෙහි මිලෙහි, highs හෝ lows අවම වශයෙන් දෙකක් හදුනාගන්න.
- ඒවා සම්බන්ධ කර සෘජු රේඛාවක් අදින්න.
ඊට පස්සේ?
මොකුත් නෑ.
එච්චරයිද?
ඔව්! ඒක ගොඩක් සරලයි. 😉
මෙන්න මෙහෙමයි අපිට market වල trendlines දැකගන්න පුළුවන් වෙන්නේ.
Trendlines අදින එක සරල උනත් මේකෙත් ගොඩක් දේවල් තියෙනවා ඔයාට පුරුදු වෙන්න.
නිවැරදිව trendlines අදින්නේ කොහොමද?
- මුලින්ම market එකේ තියෙන trend එක (uptrend, downtrend හෝ sideways trend) හරියට අදුරගන්න.
- නිවැරදිව price points යා කරන්න. Uptrend එකක් නම් lows දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්ද, Downtrend එකක් නම් highs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් යා කරන්න. අනිවාරෙන්ම අදින trendline එකේ කීපවතාවක්ම price points රැදෙනවද කියලා තහවුරු කරගන්න.
- නිවැරදිව trendline එකක් ඇන්දට පස්සේ ඒ line එක දික් කිරීමෙන් ඔයාට පුළුවන් අනාගතේදී market එකෙහි මිලෙහි ගමන් මග තීරණය කරන්න.
- සමහර වෙලාවන් වලදී ලැබෙන අලුත් විස්තර සමග අපි ඇන්ද trendlines වෙනස් කිරීමටද සිදුවෙනවා. ඒනිසා අලුත් විස්තර වලටත් අපිට අවධානය දෙන්න වෙනවා.
ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න අවශ්‍ය දේ තමයි, කවදාවත් ඔයාට කැමති විදිහට trendlines, market එකත් සමග fit කරන්න එපා. Trendlines නිවැරදිව market එකත් එක්ක fit වුනේ නැත්නම් ඒක වලංගු trendline එකක් වෙන්නේ නැත.
Support සහ Resistance Levels යනු:
මේ රූපයෙන් ඔයාට දැකගන්න පුළුවන් zigzag pattern එකක් ආකාරයට මිල ඉහලට ගමන් කරන Bullish market එකක්.
මිල ඉහලට ගමන් කරන විට සමහරක් අවස්ථාවලදී මිල පහළ ගොස් නැවත ඉහල යනවා ඔයාට බලාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිල පහළ යන්න කලින් තියෙන ඉහළම අගය Resistance level කියලා හදුන්වනවා.
ඒවගේම පහළට ගිය මිල නැවත ඉහළ යන්න කලින් තියෙන අවම අගය Support level කියලා හදුන්වනවා.
Support & Resistance levels වලින් trade කරන්නේ කොහොමද?
හිතන්න ඔයා ගාව රබර් බෝලයක් තියෙනවා. ඔයා ඒක කාමරේකට අරන් ගිහින් උඩට විසි කරනවා. මොකක්ද වෙන්නේ?
සිවිලිමේ වැදිලා බිමට වැටෙනවා.
හිතන්න ඔයා මේ සැරේ ඒ බෝලෙ උඩට විසිකරන්නේ නැතුව වේගෙන් බිමට අතහරිනවා. එතකොට මොකද වෙන්නෙ?
බිම වැදිලා bounce වෙලා උඩට විසිවෙනවා.
ඉතින් ඒ බෝලෙ විදිහට market price එක, සිවිලිම විදිහට Resistance level එක, පොළොව විදිහට Support level එක සළකන්න.
- Market price එක පහලට ගමන් කර Support level එකට ආවම Buy කරන්න.
- Market price එක ඉහළට ගමන් කර Resistance level එකට ආවම Sell කරන්න.
සරලයි නේද?
දැන් හිතන්නකො අර බෝලේ උඩටයි පහළටයි ඔයා විසි කරන්නේ නැතුව ඒ වෙනුවට Superman හරි Hulk හරි ඇවිල්ලා විසි කරොත් මොනා වෙයිද?
ඔව් ඔයා හිතුවා හරි.
උඩට විසි කරොත් සිවිලිම කඩාගෙන උඩට යනවා. බිමට විසි කරොත් පොළව කඩාගෙන යටට යනවා. අපි මේකට කියන්නේ Support & Resistance levels Break වෙනවා කියලා.
ඉතින් ඒ විදිහට,
- Market price එක Resistance level හරහා වේගෙන් ඉහළට ගමන් කරොත් Buy කරන්න.
- Market price එක Support level හරහා වේගෙන් පහළට ගමන් කරොත් Sell කරන්න.
ඉතින් මම මේ පාඩමෙන් Trendlines සහ Support & Resistance levels ගැන ඉතාමත් කෙටියෙන් විස්තර කරේ අලුතින් ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නත්, මේක කියවලා නිදිමත හැදුන ඔයාට පොඩ්ඩක් නිදාගන්න දෙන්නයි. 😂
අපි ඊළග පාඩමෙන් කතා කරමු මේ Trendlines සහ Support & Resistance levels ගැන තවත් විස්තර සහ සංකීර්-ණ දේවල් ගැන. ඔයාට මේ පාඩම වැදගත් කියලා හිතෙනවනම් ඔයාගේ යාළුවන් අතරෙ share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ පහලින් තියෙන Links වලින් ඔයාලට පුළුවන් මාත් එක්ක අනෙකුත් මාධ්‍යජාලා මගිනුත් එකතු වෙන්න.
*Some images from babypips.com
.png)


