Skip to main content
මොකක්ද මේ FOREX?
සරලවම ඒ තමයි, අපිට මුදල් (currencies) වෙළදාම් (trade) කරන්න තියෙන ගෝලීය වෙළදපල (global market).
ඔයා හිතනවා මුදල් ඒකකයක් (currency) තවත් මුදල් ඒකකයකට (currency) එරෙහිව ශක්තිමත් වෙනවා කියලා. ඒවගේම ඔයා හිතපු දේ හරියනවා. ඒ විදිහට තමයි ඔයාට මේ වෙළදපලෙන් (market) ලාභ (profits) ලබන්න පුළුවන් වෙන්නේ.
ඔයා වෙන රටකට ගිහින් ඇවිල්ලා තියෙනවනම් ඔයා දන්නවා, ඔයාට ගුවන් තොටුපලේදී මුදල් හුවමාරු කුටියක් හොයාගන්න වෙනවා ඔයාගේ අතේ තියෙන මුදල් ඔයා යන රටේ මුදල් වලට මාරුකරගන්න.
එතකොට ඔයා දැකලා ඇති ලොකුම ලොකු තිරයක විවිධ මුදල් ඒකක වල විවිධ විනිමය අනුපාත ප්‍රදර්ශනය කරලා තියෙනවා.
විනිමය අනුපාතය යනු, විවිධ රටවල් දෙකක් අතර මුදල් ඒකකයන්ගේ සාපේක්ෂ මිලයි.