How to Make a Binance account and Verify It | හරියට දැනගෙන Binance ගිණුමක් හදාගමු.

 


Binance ගිණුමක් සාදා Verify කරමු 

Binance කියන්නේ ලොව පුරා ජනප්‍රියම Cryptocurrency market එකක් ලෙස ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන Exchange market එකක්. මෙම මාර්ගෝපදේශයෙන්, මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද නිවැරදි ආකාරයට Binance ගිණුමක් හදාගෙනන Verify කරගන්නේ කියලා.

එහෙනම් අපි පටන් ගමු. 



වැඩිය හිතන්න දෙයක් නෑ, පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ගන්න Phone එක අතට,  Internet එකට connect කරගන්න. ආ... හරි හරි phone එක අතේ නේද තියෙන්නේ 😝. 

  • පියවර 1: Search කරන්න Binance කියලා ඔයා භාවිතා කරන Web browser  එකේ. Search කරන්න කම්මැලියි වගේනම් මේ Link එකෙන් යන්නත් පුළුවන්. Binance Sign Up  එතකොට ඔයාට දකුණු පැත්තේ උඩින් ‌‌බලාගන්න පුළුවන් Sign Up කියලා Button එකක්, click කරන්න ඒක.
  • පියවර 2: ඔයාට මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ email එක දෙන්න තියෙන හිස්තැනක්. ඔතනට email එක දෙද්දී අනිවාරෙන්ම මතක් කරලා ඔයා පාවිච්චි කරන නිවැරදි email එකක් දෙන්න. ඒ මොකද දන්නවද?
  • පියවර 3: email එක දීලා ටික් එකටත් හරියක් දාලා next දුන්නම ඔයාට මේවගේ එකක් පෙන්නයි.


ඉතින් ඔතනට දෙන්න තියෙන code එක එන්නේ ඔයා දුන්න email එකට. යන්න ඔයාගේ email app එකට, Binance එකෙන් එවලා තියෙන code එක අරගෙන දෙන්න ඒ හිස්තැනට. මෙන්න මෙහෙම තමා ඔයාට ආපු code එක බලාගන්න පුළුවන් වෙන්නේ. 


  • පියවර 4: දැන් හදන්න තියෙන්නේ ඔයාගේ account එකේ ආරක්ෂාවට තියෙන password එක. දැන් ඔයා හිතන්නේ ඔයාගේ සුදු නෝනගෙ හරි සුදු මහත්තයාගෙ උපන්දිනේ password එක විදිහට දෙන්නනම්...  කිසිම ප්‍රශ්නයක් නෑ, හැබැයි උපන්දිනේ විතරක් නෙවෙයි එයාගේ නමේ කොටසකුත් කැපිටල් අකුරු එක්ක දෙන්න. මොකද, password එක හදද්දී අනිවාරෙන්ම අකුරු සහ ඉලක්කම් ගණන 8 කට වඩා වැඩි වෙන්න ඔනි වගේම එක අකුරක් හරි කැපිටල් අකුරක් වෙන්න ඔනි. 
(මට ආඩම්බරයි ඔයාට love එකක් තියෙන එක ගැන, හිතන්නකො Trading කරලා සල්ලි හොයලා එයාට ඔයා දියුණුවුනා කියලා පෙන්නද්දි කොහොමද නේද?)

හා හා... හීන බැලුවා ඇති ඔන්න ඔයා ඔයාගේ Binance account එක හදාගෙන ඉවරයි. දැන් එහෙනම් අපි යමු අපේ දෙවෙනි වැ‌ඩේට. 

කොහොමද අපි හදාගත්තු Account එක Verify කරගන්නේ?

  • පියවර 1: ගන්න ඔයාගේ Id card එක හරි Driving license එක හරි Passport එක හරි. තාම ඒ තුනෙන් එක්වත් නැද්ද? 😕 යන්න ගෙදර ඉන්න වැඩිහිටියෙක් ලගට, ඉල්ලගන්න එයාගෙන් driving license එක හරි Passport එක හරි. මෙතනදි Id card එක ඉල්ලගන්න කියන්නෙ නැත්තේ පරණ Id card වලින් verify කරගන්න අමාරු නිසා. හැබැයි අලුත් Id card  එකක් නම් තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ.  
  • පියවර 2: දැන් අර ඉල්ලගත්ත එක ලියකියවිල්ලක පැහැදිලි පොටෝ දෙකක් ගන්න පැති දෙකේ. ඔයා ඒ ලියකියවිල්ල ඉල්ල ගත්ත කෙනාගෙත් මූන පැහැදිලිව පේන විදිහට පොටෝ දෙකක් ගන්න, ඒවගේම එයාට පොඩ්ඩක් ඉන්න කියලත් කියන්න. දැන් ආයෙත් එන්න Binance එකට.  
  • පියවර 3: ඔයා මුලින්ම යන්න ඔයාගෙ account එකේ Dashboard එකට. ඔයාට Dashboard එක හොයාගන්න පුළුවන් දකුණු පැත්තේ උඩම තියෙන ඉරි තුනට වම් පැත්තෙන් තියෙන avatar icon එක click කරලා. එතකොට ඔයාට බලාගන්න පුළුවන් ලොකුවට තියෙනවා Verify Now කියලා. ඔයාට ඒවගේ ලොකු අකුරු කියවන්න අමාරුයි වගේනම් ආයෙත් click කරන්න avatar icon එක උඩ, එතකොට ඔයාගේ email එක හෝ ඔයාගේ නමට යටින් චුටි අකුරු වලින් තියෙනවා Unverified කියලා. Click කරන්න ඒක උඩ.
  • පියවර 4: මෙතනින් එහාටනම් සරල දේවල් ටිකක් කරන්න තියෙන්නේ. Binance එකෙන් ඔයා ගැන ඉල්ලන විස්තර ටික හරියට දෙන්න. ඔයා වැඩිහිටියෙක්ගෙ ලියකියවිලි වලින් මේක කරනවනම් එයාගේ විස්තර දෙන්න. එයාට පොඩ්ඩක් ඉන්න කියන්න කියලා කිව්වේ ඉස්සරහට යද්දී Liveness Check කියලා Camera එකට මුන පෙන්නන තියෙනවා,ඉතින් එතනදි හැන්ඩියා වගේ ඔයාගේ මූන පෙන්නන්න එපා අර ලියකියවිලි වල අයිතිකාරයගේ මූන පෙන්නන්න. 

ඔන්න ඔයා ඔයාගේ Binance Account එක හදලා Verify කරලා අහවරයි!

මම හිතනවා ඔයා ඔයාට අවශ්‍ය දේවල් මේකෙන් දැනගන්න ඇති කියලා. ඉදිරියට අපි කතා කරමු කොහොමද අපේ මුදල් Binance account එකට තැන්පත් (Deposit) කරන්නේ වගේම අපි Binance හරහා උපයපු මුදල් අපේ බැංකුවට බැර (Withdraw) කරගන්නේ කියලා. ඔයාලට මේ ගැන තියෙන ප්‍රශ්න කතා කරන්න වගේම මම කියලා දෙන දේක තේරුනේ නැති තැනක් තියෙනවනම් මේ Links වලින් එන්න අපේ Whatsapp Group එකට සහ Telegram Group එකට. ඔයාලා අහන ඔනිම Trading ගැන ප්‍රශ්නෙකටම පිළිතුරු දෙන්න මම උත්සහා කරනවා. ඒවගේම පහලින් තියෙන Links වලින් ඔයාලට පුළුවන් මාත් එක්ක අනෙක් මාධ්‍යජාලා මගිනුත් එකතු වෙන්න.

(ඒවගේම මම කලින් කිව්වා Trading කරලා සල්ලි හම්බ කරලා කෙල්ලව/ කොල්ලාව සතුටු කරද්දි කොහොමද කියලා හිතන්න කියලා. මතක තියාගන්න Love එක සතුටු කරන්න කලින් ඔයාට ඔයාගේ අම්මා තාත්තා වගේම පවුලෙ අය ඉන්නවා කියලා ඔයාට දැන් ඉන්න තැනට එන්න උදව් කරපු.)

YouTube          Facebook          Instagram