Best Tools for Forex and Crypto Trading | Forex සහ Crypto Trading සඳහා හොඳම මෙවලම්


Forex සහ Crypto Trading සඳහා හොඳම මෙවලම්

ඉතින් කොහොමද ඔයාලට? සාදරයෙන් පිලිගන්නවා Earn with Phantomfreak වෙත.

අපිට trading පිළිබද දැනුම තිබුනට විතරක් මදි trading කරන්න තව දේවල් අවශ්‍ය වෙනවා. ගුරුවරයෙක්ට කලු ලෑල්ලයි චෝක් කූරයි වගේ, පොලිස් මාමාට බැටන් පොල්ලයි විසිල් එකයි වගේ Traders ලා විදිහට අපිටම කියලා දේවල් ටිකක් තියෙන්න එපැයි. 😉 ඉතින් අද මම කතා කරන්න යන්නේ trading කරන කෙනෙක් විදිහට අපිට අත්‍යාවශ්‍යම මෙවලම් (tools) කීපයක් ගැන.   

මොනාද මේ trading වලට අවශ්‍ය tools කියන්නේ? 

මෙතනදි tools විදිහට අදහස් වෙන්නේ,

  • Trading Platforms: අපිට trade කරන්න market එකක්,
  • Charting Tools: Market එක analyze කරන්න තැනක්,
  • Economic Calendar: ආර්ථික වශයෙන් වැදගත් වෙන ප්‍රවෘත්ති බලන්න තැනක්,
  • Crypto News and Analysis: අපි trade කරන asset එකට අදාළ ප්‍රවෘත්ති බලන්න තැනක්,
  • Risk Management Tools: අපේ අවධානම් කළමනාකරණය කරගන්න උදව් වෙන දෙයක්,
  • Demo Accounts for Practice: trade කරන්න පුරුදු වෙන්න තැනක්.

ඉතින් මම මේවට එකක්, තැනක් කියලා කිව්වට මේවා අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ Software සහ Websites විදිහටයි. ඔයා trading වලට අලුත් කෙනෙක් උනත්, දැනටමත් trading ගැන අවබෝධයක් තියෙන කෙනෙක් උනත් මේ tools භාවිතා කරලා ඔයාගේ trading ගමනට ලොකු උදව්වක් එකතු කරගන්න පුළුවන් වගේම, මේවා ගැන හරියට ඉගෙනගෙන හරිවිදිහට භාවිතා කරනවනම් ඔයාට පුළුවන් වෙනවා "මමත් සාර්....ථක TRADER කෙනෙක්" කියලා බය නැතුව කියන්න. 

එහෙනම් අපි බලමු මොනාද ඒ tools කියලා. ඒවගේම මතක තියාගන්න මම මෙතනදි ඔයාලා එක්ක බෙදාගන්නේ මගේ අත්දැකීමෙන් මම භාවිතා කරන tools කිහිපයක් වන අතර මීට අමතරව තව විශාල ගණනක් tools තියෙන්න පුළුවන්. ඒවගේම ඉදිරියේදී අද අපි කතාකරන හැම tool එකක් ගැනම මම වෙන වෙනම විස්තර අරන් එන්න බලාපොරොත්තු වෙනවා.

Trading Platforms: 

මේ platforms තමයි අපිට trade කරන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. සරලවම කියනවනම් අපි trade කරන්නේ මේවාගේ. මේ platforms software සහ website යන වර්ග දෙකෙන්ම අපිට බලාගන්න පුළුවන්. ඒවගේම සමහරක් platforms වලින් අපිට මම කලින් කියපු tools ගොඩක් දීලා තියෙනවා අපේ පහසුවට.

  • MetaTrader 4/5 (MT4/MT5): Forex trading වලටම ප්‍රසිද්ධම platforms වෙන්නෙ මේවායි. Meta Trader 5
  • Binance: Crypto trading වලට ප්‍රසිද්ධම platform එකක්. Binance ගැන විස්තරයක් මේ link එකෙන්- Binance ගැන

Charting Tools: 

මේ charting tools වලින් තමයි අපි markets analyze කරන්නේ. මේ charting tools ද software සහ website යන වර්ග දෙකෙන්ම අපිට බලාගන්න පුළුවන්.

  • TradingView: මේක Trader කෙනෙක්ගේ හෙවනැල්ලට හා සමානයි. මේ හරහා තමයි අපි ප්‍රධාන වශයෙන් analyze සිදු කරන්නේ. TradingView
  • Investing.com: මේ web site එකෙනුත් අපිට analyze කරන්න උදව් ගන්න පුළුවන්. Investing.com

Economic Calendar: 

මේ economic calendars වලින් අපිට පුළුවන් ආර්ථික වශයෙන් වැදගත් වෙන ප්‍රවෘත්ති ගැන මනා අවබෝධයක් අරගෙන markets වලට ඇතුලු වෙලා නිවැරදි විදිහට analyze කරන්න. මේවා ප්‍රධාන වශයෙන් websites විදිහට අපිට බලාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Forex traders ලායි.

  • Investing.com Economic Calendar: Forex traders ලා මේක භාවිතා කරන්නේ මූලික ආර්ථික අවස්ථා සහ වෙනස්වීම් වලට අවධානය යොමු කර වාසි ලබා ගැනීමටයි. Investing.com Economic Calendar 
  • Forex Factory: වඩාත් ජනප්‍රිය ක්‍රමයක්, ආර්ථික සිදුවීම් සහ ඒවා markets වලට කුමන ආකාරයකින් බලපාවිද යන්න පිළිබඳ විස්තර ලබා දේ. Forex Factory

Crypto News and Analysis:

මේවා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නෙ crypto currency trade කරන traders ලටයි.  Trade කරන්න හොද coins තෝරගෙන ඒවා markets තුළ දක්වන වෙනස්කම් පිළිබද තේරුම් ගැනීමට වඩාත් උදව් වෙනවා. ප්‍රධාන වශයෙන් websites විදිහට තියෙන අතර software ආකාරයෙන්ද බලාගන්න පුළුවන්.

  • CoinMarketCap: Crypto currency වල මිල ගණන් ඒවා markets තුළ පවතින ප්‍රමාණයන් සහ පුවත් සඳහා විශ්වාසදායක මාර්ගයක්. විවිධ crypto currencies පිළිබඳ පුවත් සහ සම්පුර්ණ විශ්ලේෂණය ලබා දේ. CoinMarketCap
  • CryptoPanic: Crypto පුවත් සඳහා ආකර්ශනීය දෙයක්, මේ website එක තුළ විශාල ලෙස පුවත් එකතු කරයි. CryptoPanic

Risk Management Tools: 

අපි trade වලට ආයෝජනය කරන මුදලට අදාල වෙන profits, losses තීරණය කරගැනීමට සහ අපි trade කරන විදිහ, අපේ trading රටාව විශ්ලේෂණය කිරීමට ප්‍රධාන වශයෙන් යොදාගනී. Software ආකාරයෙන් අපිට දැකගන්න පුළුවන් වන අතර ඉතාමත් වටිනා tools කාණ්ඩයකි.

  • MyFxBook: Forex traders ලට තමන්ගේ trading පිළිබද තත්වය මැනීමට සහ විශ්ලේෂණය කිරීමට උපකාරී වේ. ඔයාගේ MT4/MT5 accounts සම්බන්ධ කරලා ස්වයංක්‍රීයව විශලේෂණය කරගැනීමට හැකියාව ලබා දෙයි. MyFxBook
  • Delta, Blockfolio: මේවා ඔස්සේ ඔයාගේ crypto trading පාලනය කිරීමට සහ සම්පූර්ණ විශ්ලේෂණ ලබා ගැනීමට පුළුවන්. Delta

Demo Accounts for Practice:

අලුතින් trading පටන් ගන්න සූදානම් වෙන කෙනෙකුට තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ නැතුව trading පුරුදු වෙන්න පුලුවන් ක්‍රමවේ. 

  • Binance Futures Demo: ඔයාට බොහෝ පහසුකම් සහිතව විස්තර ලබා ගත හැකි අතර, නවකයෙකු විදිහට trading පටන් ගන්න පුළුවන් තැනක්. මේ ගැන සම්පූර්ණ විස්තරයක් - Binance Demo Trading
  • MetaTrader Demo Accounts: Forex trading පුරුදු වෙන්න වගේම forex markets ගැන කාලීන අත්දැකීම ලබා ගැනීමට සුදුසුම තැනක්. 

මෙම tools හා ක්‍රමවේද භාවිතා කරලා ඔයාට trading වලදී හොඳම තීරණ ගැනීමට සහ markets පිළිබද විශ්ලේෂණය කිරීමට පුළුවන්. ඉතින් මේ හැමදෙයක්ම එකින් එක පරීක්ෂා කරලා බලන්න. 

මම හිතනවා ඔයාලට මේකෙදි මම කියලා දීපුවා හොදින් තේරෙන්න ඇති කියලා. ඔයාලට කොහේදි හරි තේරුනේ නැති තැනක් තියෙනවනම් එන්න අපේ Earn With Phantomfreak Whatsapp group එකට වගේම අපේ Earn With Phantomfreak Telegram group එකට. ඔයාලා Trading ගැන අහන හැම ප්‍රශ්නෙකටම මම උත්තර දෙන්න උත්සහ කරනවා.

ඉතින් මේක ඔයාට වැදගත් උනානම් තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවනම් ඔයාගේ යාළුවන් අතරේ share කරන්න අමතක කරන්න එපා. ඒවගේම මේ පහලින් තියෙන links වලින් ඔයාට පුළුවන් මාත් එක්ක අනිත් මාධ්‍යජාලා මගිනුත් එකතු වෙන්න.


YouTube




Telegram





WhatsApp




Facebook





Instagram