Binance Futures Demo Trade කරලා බය නැතුව Trading පටන් ගමු.
ඉතින් දැනටමත් ඔයාලා දන්නවා Trading කියන්නේ විශාල ලාභයක් ලබන්න පුළුවන් දෙයක් කියලා. ඒවගේම ඔයාලා දන්නවා Binance කියන්නේ අපිට trade කරන්න තියෙන ප්‍රසිද්ද Exchange market එකක් කියලත්. එතකොට මොනාද මේ Futures සහ Demo trading කියන්නේ?
Binance Futures කියන්නේ, අපිට Binance හරහා trade කරන්න තියෙන එක ක්‍රමයක්. (Futures ගැන ලොකු විස්තරයක් මම ඉදිරියෙදී ගේන්නම්)
එතකොට Demo trading? ඒ තමයි අලුතින් Trade කරන්න ලැහැස්ති වෙන අපිට, අපි trade කරන්න බලාපොරොත්තු වෙන Market/ Broker ගෙන් අපිට ලැබෙන ලොකුම වාසිය. මේකෙදි වෙන්නේ අපිට පුළුවන් වෙනවා අපේ ලග තියෙන සල්ලි Deposit කරලා trade කරනවා වෙනුවට Binance එකෙන් අපිට සල්ලි දෙනවා trade කරන්න පුරුදු වෙන්න.
"මොකක් ??? Binance එකෙන් අපිට සල්ලි දෙනවා?" ඔව්.
හෝව් හෝව් ! කියලා ඉවර කරන්න දුන්නේ නෑනෙ. Binance එකෙන් අපිට සල්ලි දෙනවා තමයි, ඒ කියලා අපිට ඒවා අපේ බැංකුවලට Withdraw කරගන්නත් බැහැ, කාටවත් යවන්නත් බැහැ. සරලවම කියනවනම් ඒ ඇත්ත සල්ලි නෙවෙයි. "එහෙනම් මොකටද ඒවා අපිට දෙන්නේ? 😒 " එයාලා ඒවා අපිට දෙන්නේ අපේ ඇත්ත සල්ලි විනාශ කරගන්නේ නැතුව trade කරන්න පුරුදු වෙන්න.
Binance Futures වල Demo Trading පටන්ගමු.
- පියවර 1: මුලින්ම යන්න Binance එකට. ඔයාට Binance account එකක් නැතිනම් මේ Link එකෙන් ගිහින් ඔයාට පුළුවන් පියවරෙන් පියවර හරිවිදිහට Binance Account එකක් හදලා Verify කරගන්න. How to make Binance account & Verify It
- පියවර 2: Click කරන්න Futures කියන තැන.
- පියවර 3: දකුණු පැත්තේ උඩ තියෙන තිත් තුන click කරන්න.
- පියවර 4: මෙතනින් තමයි අපි අපේ Demo account එකට යන්නේ. මෙතනදි ඔයාට Mock Trading හෝ Demo Mode විදිහට බලාගන්න පුළුවන්. (Binance වලදි මේ Demo trading වලට කියන්නේ “Binance Futures Testnet” කියලයි).
- පියවර 5: හරි අපි දැන් ඉන්නේ අපේ Demo trading account එකේ. මෙතනදි මම රතු පාට කොටු වලින් පෙන්නලා තියෙන දේවල් වෙනස් නොකර ඉන්න බලන්න. රතු පාට රවුමෙන් පෙන්නලා තියෙන තැන click කරලා තමයි අපි trade කරන්න අවශ්‍ය coin තෝරගන්නේ. නිල් පාට කොටුව තියෙන තැනින් පුළුවන් trade එකකට අපි දාන්න ඉන්න මුදල් ගණන තෝරගන්න. ඒවගේම නිල් පාට රවුමෙ තියෙන සළකුණෙන් පුළුවන් අපි තෝරගත්තු coin එකට අදාළ chart එක බලන්න.
Demo trading වලදී සැළකිලිමත් විය යුතු කරුණු:
- Demo trading account එකේ තියෙන්නේ ඇත්ත සල්ලි නෙවෙයි කියලා හිතන්න එපා. ඔයාගේ demo account එකට ඇත්තම account එකකට වගේ සලකන්න.
- Account එකේ ලොකු මුදලක් තියෙනවා කියලා ලොකු මුදල් වලින් trade කරන්න එපා. පොඩියට හෙමීට පටන් ගන්න.
- පුළුවන් තරම් අවධානම් අඩු කරගන්න උත්සහා කරන්න. ඔයා දාන හැම trade එකකටම අනිවාරෙන්ම Stop - Loss භාවිතා කරන්න.
- සෑම trade එකක් අවසානයේ නැවත සැරයක් හොදින් අධ්‍යනය කරන්න ඒ trade එක ගැන. ඔයාගෙ අතින් සිදුවුන වැරදීම්, මගහැරීම්, trade එකේ දුර්වලතා,...
මගේ අදහස නම්, ඔයා ඔයාගේ ඇත්ත සල්ලි වලින් trade කරන්න පටන් ගන්න කලින් අවම මාස 6 ක් වත් demo trading කරලා හොදට markets ගැන දැනුවත් වෙලා, ඉවසීමේ ගුණය වැඩි දියුණු කරගෙන, ඔයාගේ analyzes ගැන විශ්වාසයක් ඇතිවුනාගෙන් පස්සේ Live treading කරන්න පටන් ගන්න කියලා.
"දැන් එතකොට මට Trading ගැන මූලක දැනුම තියෙනවා, Binance account එකක් තියෙනවා, Demo trade account එකක් තියෙනවා. ඒත් කොහොමද මම trade කරන්න පටන් ගන්නේ?"
හරිම ලේසියි. ඒකට තමා ඔයාලගේ මේ ආදරණිය Earn with Phantomfreak ඉන්නේ. ඉස්සරහට මම ඔයාලට ගේන්න ඉන්නවා කොහොමද chart analyze කරන්නේ, Risk management කරන්නෙ, වගේ ගොඩක් දේවල්. මම මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ මගේ වෙලාවෙන් ලොකු කොටසක් මේ වෙනුවෙන් වැය කරලා. ඉතින් ඉස්සරහට මේ විදිහට දවසකට එක පාඩමක් ගානෙ ගේන්න බැරිවෙන්න පුළුවන්. ඒ උනාට ඔයාලට පුළුවන් මගේ Whatsapp සහ Telegram groups වලට join වෙලා trading ගැන තියෙන ප්‍රශ්න කතා කරන්න, අදහස් සාකච්ඡා කරන්න.
ඒවගේම ඔයාලට මගෙන් හම්බෙන තවත් වාසියක් තමයි, ඔයාලා හරියට trading ඉගෙන ගන්නකම් මගේ Phantomfreak's Signals Telegram Group එකට join වෙලා ඒකෙ දෙන signals වලින් trades දාලා trading පුරුදු වෙන්න පුළුවන් වෙන එක. ඉතින් ඔයා group එකට එන්න කලින් මේ link එකෙන් ගිහින් 100% නොමිලේ signals දෙන group එකක් ඒගැන දාලා තියෙන විස්තරය කියවලා එනවනම් ඔයාට ඒක ලොකු උදව්වක් වෙයි වැඩ කරගෙන යන්න. මම බලාපොරොත්තු වෙනවා signals එක්කම analyze කරපු විදිහත් ඔයාලට දෙන්න. ඒවගේම මතක තියාගන්න මේ හැමදෙයක්ම ඔයාලට මම දෙන්නේ නොමිලේ කියලා. ඉතින් මේ නොමිලේ හම්බෙන දේවල් වලින් ඔයාලා ලොකු වැඩක් ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒවගේම ඔයාලා මට කරන උදව්වක් සහ දිරිමත් කිරීමක් විදිහට ඔයාගෙ යාළුවන්ටත් මේ ගැන කියන්න. Links share කරන්න. අපේ groups වලටත් යාළුවො add කරගන්න.









